රුපියල් විසිලක්ෂ හැටදහසකට වැඩි වටිනාකමකින් යුත් විද්යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යාමට උත්සාහ දැරීමේදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මැලේසියාවේ සිට පැමිණි සැකකරුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී දුම්වැටි තොගය සොයාගැණුනා.
විද්යුත් දුම්වැටි තොගය රාජසන්තක කෙරුණු අතර සැකකරුට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කිරීමටයි කටුනායක ගුවන් තොටුපළ රේගුව කටයුතු කළේ.