බෙලිඅත්ත පොලිස්බල ප්රදේශයේ දෙද්දුවාවල නැගෙනහිර ඉදිකැටිය වත්ත ප්රදේශයේ දී කාන්තාවක් සතුන් දඩයමට යොදාගත් විදුලිකම්බියක් පැටලී විදුලිසැරවැදී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කුසුමාවතී සෙනවිරත්න නම් 74 හැවිරිදි අවිවාහක කාන්තාවක් වනඅතර ඇය විශ්රාමික ගුරුවරියක්.
මියගිය කාන්තාව වසර ගණනාවක සිට තනියම නිවසේ ජීවත්ව ඇති අතර තමන්ට අයත් ඉඩම්වල පොල් ඇහිදීම සඳහා දිනපතා උදෑසන නිවසින් පිටත්ව යන බවයි ගම්වාසීන් පවසන්නේ.
මෙසේ ගමන් කිරීමේදී සතුන් දඩයම සඳහා ඇදතිබු විදුලි රැහනක ඇය පැටලී ඇති අතර ඊයෙ දහවල් ඇයගේ සිරුර ගම්වාසීන්ට හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.