බණ්ඩාරගම අටලුගම ප්රදේශයේ සරුංගල් යවමින් සිටි පිරිමි දරුවන් දෙදෙනෙකුට අධිබලැති විදුලි රැහැණකින් විදුලි සැර වැදී බරපතල පිළිස්සුම් තුවාල ලැබුවා.
තෙමහල් නිවසක ඉහළ කොටසේ සිටයි එම දරුවන් සරුංගල් යවා තිබෙන්නේ.
සරුංගලය විදුලි රැහැණක පැටලීමෙන් පසු ඇලුමිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදීයි විදුලි සැර වැදී තිබෙන්නේ.