මාදු ගඟේ බෝට්ටුකරුවන් පිරිසක් එහි සංචාරයට පැමිණි තමන්ට පහරදුන් බව සංචාරයට එක්වූවන් පවසනවා.
එහිදී කිහිප දෙනෙකුට තුවාල සිදුවූ බවයි ඔවුන් පවසන්නේ.
බලපිටිය මාදුගඟ අපේ රටේ ඇති සුන්දර සංචාරක ගමනාන්තයක්. එහි සුන්දරත්වය විදගන්න දෙස් විදෙස් සංචාරකයින් නිරන්තරයෙන් එහි පැමිණෙනවා.
දර්ශනීය පරිසරයකින් යුත් දූපත් රාශියක් ඇති මෙම පරිසර පද්ධතිය ඔස්සේ ප්රදේශයේ තරුණ තරුණියන් රැසකට ද රැකියා නිර්මාණය වී තිබෙනවා.
මෙවැනි පසුබිමක් තුළ මාදු ගඟ නැරඹීමට කුරුණෑගල ප්රදේශයේ සිට පැමිණි පිරිසකට බෝට්ටුකරුවන් පිරිසක් පහරදී තිබෙනවා.
මෙම සිද්ධියේ දී කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර දේශීය සංචාරකයින් පිරිස සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
බොහෝ සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන මෙවැනි ස්ථානවල ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ප්රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.