අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නැවත වතාවක් ප්‍රශ්න කර තිබෙනවා.
ඒ, ඇය හිමිකාරීත්වය දැරූ BMW මෝටර් රථයක් සම්බන්ධයෙන්.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු එය පියුමි හංසමාලිගෙන් මිලදි ගෙන ඇති බවට අනාවරණ වී තිබුණා.
ඒ අනුව එම මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (04) උදෑසන 09.00 ට පියුමි හංසමාලිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණු අතර එහිදී ඇයගෙන් පැය 09ක පමණ කාලයක් ප්‍රශ්න කර ඇති බව සඳහන්.