වරාය අධිකාරියේ අධ්යක්ෂ තනතුරකට නව අයෙකු පත් කිරීම සිදු කර තිබෙන බවත්, එම තනතුරේ පෙර සිටි පුද්ගලයාට ඉවත් වීමට දන්වා ඇති බවටත් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව මැතිවරණ කොමිසම දන්වා ඇත්තේ මැතිවරණයක් කැඳවා ඇති අවස්ථෘවක ලබා දී ඇති මෙම පත්වීම අවලංගු කරන ලෙසයි.
මේ පිළිබඳව ලිපියක් මැතිවරණ කොමිසම විසින් ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට යොමු කර තිබෙනවා.