ඇමරිකා යුද නැව් හා ගුවන් යානා යේමනයේ හූති ඉලක්ක වෙත ප්රහාර එල්ල කළා.
යේමනයේ හා ඉරානයේ සහාය ලබන හූති කණ්ඩායමේ ඉලක්ක 15කට තමන් ප්රහාර එල්ල කළ බව ඇමෙරිකා හමුදාව පවසනවා.
පෙන්ටගනය ප්රකාශ කළේ නාවික ගමනාගමනයේ නිදහස ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්රහාර දියත් කිරීමට ගුවන් යානා හා යුද නැව් භාවිත කළ බවයි.
මේ අතර සානා අගනුවර ඇතුළු යේමනයේ ප්රධාන නගර කිහිපයකින් පිපිරීම් වාර්තා වුණා.
පසුගිය නොවැම්බරයේ සිට හූතිවරු රතු මුහුදේ නැව් 100කට පමණ ප්රහාර කර තිබෙනවා.
ඉන් යාත්රා දෙකක් මුහුදේ ගිල්වා දැමීමට සටන්කාමීන් කටයුතු කළා.
ඊශ්රායලය ගාසා තීරයේ සිදු කරන හමුදා මෙහෙයුමට පළිගැනීමක් ලෙස මෙම ප්රහාර එල්ල කළ බව හූති කැරලි කණ්ඩායම පවසනවා.