නුවරඑළියේ ආපනශාලාවකට ඇතුළු වී එහි හිමිකරුට හා සේවකයෙකුට පහර දුන් පොලිස් නිලධාරීයෙකු ස්ථාන මාරු කර විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරියායි මෙසේ ආපනශාලාවකට ඇතුළු වී පහරදීම සිදු කර තිබෙන්නේ .
ඔහු ආපනශාලා හිමිකරුට හා සේවකයෙකුට පරුෂවචනයෙන් ද බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය පිළිබඳ විනය පරික්ෂණයක් සිදු කරන බව නුවරඑළිය දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා පවසනවා.
මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති නිසා මෙම නිලධාරියා ස්ථාන මාරු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.