බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .
රාත්‍රී කාලයේදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි වාර්තා වන්නේ .
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .