හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කීපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තව දූරටත් දීර්ඝ කෙරුණා.
ඒ කොළඹ මහාධිකරණය මගින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළවයි.
අල්ලස් කොමිසමේ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
මීට පෙර අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16 ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05 ක් අත්හිටුවමින් අද (04) දින තෙක් බල පැවැත්වෙන පරිදි නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව අද (04) දින අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය එම අත්හිටුවීමේ නියෝගය ලබන ජනවාරි මස 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස නියම කළා.