එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රජයේ වැඩපිළිවෙල ද ජගත් මහලේකම්වරයාගේ ඇඟයීමට ලක් වුණා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකා සම්බන්ධීකාරක මාක් ඇන්ඩෘ ෆ්රාන්ක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී මේ බව ප්රකාශ කර තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ සදාචාරාත්මක දේශපාලන ක්රියාවලිය ද මෙහිදී පැසසුමට ලක් කෙරුණා.
වංචා, දූෂණ, අක්රමිකතා මැඩපැවැත්වීම සදහා වන රජයේ වැඩපිළිවෙල ද විශේෂ පැසසුමට ලක් කෙරුණා.
සැමට සාධාරණ සමාජයක් ගොඩනැගීම සදහා ජනාධිපතිවරයාගේ කැපවීම ද මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා.