ඊශ්‍රායලය විසින් මධ්‍යම බේරූට් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ලෙබනන් නිළධාරීන් පවසනවා .
හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධ යැයි සැලකෙන වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු ජීවත් වූ ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය දියත් වී ඇති බවයි සඳහන් කරන්නේ .
එමෙන්ම දකුණු බෙයිරූට්හි හිස්බුල්ලාගේ බළකොටුව වන ඩහීහ් ද ප්‍රහාරයට ලක් වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මෙම ප්‍රහාරවලින් ආරක්ෂා වීමට දකුණේ ප්‍රධාන නගරයක් වන Nabatieh ඇතුළු දකුණු ලෙබනනයේ මිනිසුන්ට ඉවත් වන ලෙසයි ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත්තේ .