බේරූට් වෙත ඊශ්රායලය එල්ල කළ ගුවන් ප්රහාර වලින් හය දෙනෙකු මිය ගියා.
ඊශ්රායලය දිගටම ගුවන් ප්රහාර එල්ල කරන බවට අනතුරු අඟවා දිනක් ගත වන්නටත් මත්තෙන් බේරූට් වෙත ප්රහාර එල්ල කර තිබෙනවා.
ලෙබනන් පාර්ලිමේන්තුව අසල නගරයේ මැද කොටසේ පිහිටි ගොඩනැගිල්ලකට මෙම ප්රහාර එල්ල වුණා.
ප්රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මේ අතර දකුණු බෙයිරූට්හි හිස්බුල්ලා බලකොටුවක් වන ඩහීහ් ද ප්රහාරයට ලක්ව තිබෙනවා.
ඊශ්රායලය මේ සතියේ ලෙබනන භූමි ආක්රමණයක් ආරම්භ කළ අතර ඊයේ දිනයේද ප්රහාර වලින් සොල්දාදුවන් අට දෙනෙකු මිය ගියා.