රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ” කුෂ් ” ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සඳහන් කරමින් කටුනායක ගුවන් බඩු ගම්මානය වෙත එවා තිබියදී , එම පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද සමග රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
කැනඩාවේ සිට ඩුබායි හරහා පිළියන්දල ප්‍රදේශයේ ලිපිනයකට , මෙම පාර්සලය කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානය වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ ඉකුත් 26 දින එවා තිබුණා.
සැක කටයුතු මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට දී රේගු නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී , කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 883 ක් බර “කුෂ් ” ගංජා මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පාර්සලය භාර ගැනීම සදහා ජා – ඇළ , කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානය වෙත පැමිණ තිබුණා. .