සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්රීරෝද රථය ඔහුගේ පාලනයෙන් මිදී අඩි 130 ක් පමණ ප්රපාතයට වැටී අනතුරක් සිදුවී තිබෙනවා .
අනතුරින් පියා බරපතල තුවාල ලබා දෙණියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (02) දින මියගොස් ඇති බවයි දෙණියාය පොලිසිය පවසන්නේ .
මෙසේ මියගොස් ඇත්තේ නාවින්නහේන ,බටයාය ලිපිනයේ පදිංචි සමන්ත පුෂ්පකුමාර අබේතුංග නැමති (45) හැවිරිදි දෙදරු පියෙක්
අනතුරින් පස් හැවිරිදි පුතා විසි වී ගොස් සුළු තුවාල ලබා ඇති අතර (18) හැවිරිදි දියණියද තුවාල ලබා ප්රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රථවාහන අංශය සඳහන් කරනවා .