බර ඉසිලීමේ ඉසව්වෙන් රන් පදක්කම් 19ක් හිමිකරගෙන ඇති වැලිකන්ද සෙවනපිටිය ජාතික පාසලේ සිසුන්ට මේ වන විට පුහුණුවීම් සඳහා දැඩි දුෂ්කරතා පැන නැගී තිබෙනවා.
2014 වසරේ සිට මේ දක්වා බර ඉසිලීමේ ඉසව්වෙන් රන් පදක්කම් 19ක් දිනා ගැනීමට දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් වැලිකන්ද සෙවනපිටිය ජාතික පාසලේ දරුවන්ට හැකියාව ලැබී තිබෙන බවයි සඳහන් වන්නේ .
උතුරු මැද පළාතට කීර්තියක් අත්කර දෙමින් මෙම දස්කම් දැක්වූ දරුවන්ට තම පුහුණුවීම් සඳහා යොදා ගන්නා ක්‍රීඩා මධ්‍යස්ථානය දැඩිසේ අබලන් වීමෙන් පුහුණු කටයුතු ඇණහිටින තත්ත්වයකට පත්ව තිබෙනවා.
බර ඉසිලිමේ ක්‍රීඩා උපකරණ ද අබලන් තත්ත්වයේ පැවතීම තමන්ට මුහුණ දීමට සිදුව ඇති තවත් ගැටළුවක් බවයි සිසුන් පෙන්වා දෙන්නේ.