ශ්රි ලංකා රජය හා ඊශ්රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඊශ්රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා ශ්රී ලාංකිකයින්ට හිමිවන අතර, ඒ අනුව මේ වන විට ශ්රි ලාංකිකයින් 2330ක් ඊශ්රායලයේ කෘෂි රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා .
මේ අතර, කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්රී ලාංකිකයින් 118 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද(02) ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණා .
මෙම පිරිස මේ මස 09,10,12 හා 13 දිනයන්හි ඊශ්රායලය බලා යාමට නියමිතයි .