ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශය ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
රෝහල් ගත කළ එක් තුවාලකරුවෙක් බීබීසීයට පවසා ඇත්තේ අනතුරු ඇඟවීමකින් තොරව තම ගමට “ටැංකි කඩා වැදුණු” බවයි.
මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ අවතැන් වූවන්ට නවාතැන් දෙන පාසල් හතරක පිහිටි හමාස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) වෙනම ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .