මෙවර ඔලිම්පික් උලෙළේ ශ්රී ලංකා අවසන් නියෝජනය සනිටුහන් කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගය සඳහා අද (07) දින පස්වරුවේ සහභාගී වී තිබෙනවා .
එහිදී ඇය මූලික වටයේ තරගවලින් 16 වැනි ස්ථානය හිමිකර ගත් අතර ඇය දැක්වූ උපරිම දක්ෂතාවය 53.66m ක් ලෙසයි සඳහන් වන්නේ .
ඒ අනුව ඇයට ඔලිම්පික් වරම් අහිමි වී ගොස් තිබෙනවා .
මේ වන විට දිල්හානි ලේකම්ගේ ලෝක හෙල්ල විසිකිරීමේ ක්රීඩිකාවන් අතුරින් 25 වැනි ස්ථානයේ පසුවන බවයි වාර්තා වන්නේ .