පොහොර සහනාධාර ලබාදෙන්නැයි විපක්ෂ මන්ත්‍රීවරුන් සහ හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණ මෙම ඉල්ලීමක් සිදුකර තිබෙනවා .
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ද පවසන්න් පොහොර සහනාධාරය ලබාදීම සිදු කළ යුක්තක් බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පොහොර සහනාධාර රුපියල් විසිපන්දහසක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරනු ලැබුවා .
එහෙත් එය තාවකාලිකව අත්හිටුවන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටියේ.
ඒ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන අනෙකුත් පාර්ශ්වලට අගතියක් සිදු වන බවට ප්‍රකාශ කරමින්.
කෙසේ වෙතත් ගොවි ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මහ කන්නය ආරම්භ වීමට පෙර තමන්ට නිසි වේලාවට පොහොර සහනාධාරය ලබා දෙන ලෙසයි.