හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු නඩුවකින් නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා .
2015 වසරට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන රැසක් භාරනොදුන් බවට වන නඩුවකට අදාළවයි මොවුන්ට චෝදනා එල්ල වී තිබුණේ.
සැකකරුවන් අදාළ නඩුවෙන් මුදා හරින ලෙස නීතිපති උපදෙස් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් දන්වා සිටියා.
ඒ අනුව ඔවුන් නිදහස් කෙරුණු අතර විදෙස් ගමන් තහනම ද ඉවත් කෙරුණා.
සිද්ධියට සම්බන්ධ පළමු සැකකරු මිය ගොස් ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ .