කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) පස්වරුවේ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා .
නිකුත් කළ එම නිවේදනය හෙට (03) රාත්‍රී 11.00 දක්වා වලංගුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .
ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාවලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන්
මෙම ආපදා වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .