හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය පවසනවා .
මේ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියළු දිස්ත්‍රික්ක වලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇති බවයි එම පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක පුෂ්පරාසා මහතා ප්‍රකාශ කර සිටින්නේ .