ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද ( 2 ) දින උදෑසන ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.40ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි සඳහන් වන්නේ .
ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගැටුම් වර්ධනය වී ලෝක ඉන්ධන සැපයුමට බාධා එල්ල වෙතැයි බියක් මතුවී තිබෙන නිසාවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා .