සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන සළිදු ගුණරත්න නොහොත් කුඩු සළිදු නැමැති අපරාධ කල්ලි නායකයාගේ ප්රධානතම ගෝලයා ලෙස හැදින්වෙන හපුන්ත්රිගේ දොන් පියුම් හස්තික නොහොත් “පියුමා ” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඔහු ලබන 16 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්රාත්වරිය නියෝග කළේ.
ඒ සැකකාර පියුම් හස්තික බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තම සේවා දායකයාට මීනිමැරුම් වැනි චෝදනා මිස ත්රස්තවාදීමය කටයුතු සඳහා වන චෝදනා යොමු වී නැති බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා.
එබැවින් සැකකරුට ඇප ලබාදෙන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙහ්න්තුව කියා සිටියේ සැකකරුට එරෙහිව සංවිධානාත්මක අපරාධ ක්රියා සම්බන්ධ චෝදනා ඇති බවයි.