හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවක් පෙබරවාරි මස 28 වන දා තෙක් කල් තැබුවා. ඒ කොළඹ මහාධිකරණය මගිනුයි.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු අනතුරට ලක් කිරීම පාඨලී චම්පික රණවක මහතාට එරෙහි චෝදනාවයි.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර රණවක මහතා අධිකරණයේ පෙනී සිටියා.
ඔහු වෙනුවෙන් නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කරුණු දැක්වුවා.
නීතිඥවරයා පැවසුවේ මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුවයි එය කල්තැබීම සිදුකෙරුණේ.