පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණු, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අද මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරය හිමිව තිබෙනවා.
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබෙනවා.
ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීයි.
එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර ඔහුට පක්ෂයේ උප සභාපති ධුරය හිමි වී තිබෙනවා.