ඊශ්රායලයේ ටෙල් අවිව් හි සිදු වූ වෙඩි තැබීමකින් හා පිහි ප්රහාරයකින් හත් දෙනෙකු මිය ගියා.
ඊශ්රායලයේ ටෙල් අවිව්හි සිදුවූ වෙඩි තැබීමකින් හා පිහි ප්රහාරයකින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය තහවුරු කරනවා.
ජැෆා ප්රදේශයේ දුම්රිය ස්ථානයකයි මෙය සිදුව ඇත්තේ.
දුම්රිය මැදිරි තුළ හා වේදිකාවේ මෙම පිහි ප්රහාරය එල්ල වුණා.
පොලිසිය පැවසුවේ තුවක්කුකරු හා පිහියක් අතින් ගත් තැනැත්තා කින් එහි සිටි පිරිසගේ ග්රහණයට නතු වූ බවයි.
ඊශ්රායලයට එරෙහිව ඉරානය මිසයිල ප්රහාරය එල්ල කිරීමට ටික වේලාවකට පෙර මෙම වෙඩි තැබීම සිදු ව තිබෙනවා.
පසුව මිසයිල හා ගුවන් ආරක්ෂක සයිරන් නාද වන විට එම ස්ථානයේ සිටි පොලිසිය සැඟවී සිටීමටද සිදු වුණා.