බ්‍රිතාන්‍ය රජය විසින් ගල් අඟුරු යොදා ගනිමින් සිදුකෙරෙන බලශක්ති නිෂ්පාදනය අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව වසර 142ක් පුරා සිදුකෙරුණු පොසිල ඉන්ධන දහනය හරහා විදුලිබලය නිෂ්පාදනය කිරීම මේ සමගම අවසන් වන බවයි වාර්තා වන්නේ.
ගල් අඟුරු දහනයෙන් විදුලි බලය නිපදවූ අවසන් බලාගාරය ද අක්‍රීය කිරීමට බ්‍රිතාන්‍ය ඊයේ පියවර ගත් අතර එය 1967 වසරේ සිට ක්‍රියාත්මක වූ බලාගාරයක් ලෙසයි එටට මාධ්‍ය සඳහන් කරන්නේ.
කාලගුණික විපර්යාස මැඩලිම සඳහා කාබන් විමෝචනය අවම කිරීමට බ්‍රිතාන්‍ය ගත් ඓතිහාසික තීරණයක් ලෙස මෙය හැඳින්විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
දහනයේ දී වැඩිම කාබන් විමෝචනයක් සිදුකරන පොසිල ඉන්ධන ප්‍රබවය ලෙස ද ගල් අඟුරු සැලකෙනවා.