ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදීම හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කළ බව මුම්බායි පොලිසිය සඳහන් කරනවා.
අද අලුයම 4.45ට පමණ ඔහුගේ රිවෝල්වරය බිම වැටීමෙන් එය ක්‍රියාත්මක වී උණ්ඩය ඔහුගේ දණහිසට පහළින් වැදී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ඔහුගේ කළමනාකරු සඳහන් කර ඇත්තේ.