ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මෙම සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු විදේශ අමාත්‍යවරයා ඔහු වන අතර ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් සඳහා මෙම සංචාරය යොදාගෙන ඇති බවයි පැවසෙන්නේ.