අව්ස්සාවේල්ල කෑගල්ල ප්රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ රිය අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් පුද්ගලයන් 8 දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පින්දෙනිය පොලීසිය සඳහන් කළා.
රත්නපුර සිට රඹුක්කන බලා ධාවන වන බස් රථයක් මෙලෙස අනතුරට පත්වු අතර මෙම ස්ථානයේ මාර්ගය වංගු සහිත බැවින් රියදුරු නොසැලකිලිමත් රිය පැදවීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.