ග්‍රීසියේ පැවති 06 වන ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් 05 දෙනෙක් සහභාගී වී තිබෙනවා.
මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඉකුත් (26)දින සිට (29) දින දක්වා ලෝකයේ රටවල් 193 ක තරගකරුවන් 1,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
එහිදී මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ඉංජිනේරු නිර්මාණය ලෝකයේ සියලුම රටවල් අභිබවා ප්‍රථම ස්ථානයට ගැනීමට සමත් වී තිබුණා.
මෙම තරගාවලියේ දෙවන ස්ථානය කොලොම්බියාවටත් , තෙවන ස්ථානය ඉන්දියාවටත් හිමි වී තිබෙනවා.
රවීන් අකුරැටියාව , තරුල් සේනානායක , හිවීන් රාමචන්ද්‍ර , සුපුල් බද්දේගම සහ මලීක රැඩිගල මෙම තරගාවලියේ දී රන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්.
ඔවුන්(30) දින රාත්‍රී 08.45 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සඳහා මෙම සිසුන්ගේ දෙමාපියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.