ලෝක සංචාරක දිනයට සමගාමීව ශ්‍රී දළදා මාලිගාව සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් පසුගිය (27)දා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වුණා.
විදෙස් සංචාරකයන්ගේ විශේෂ අවධානයකට හා ගෞරවයට ලක්වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට විශාල විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන සංචාරක ගමනාන්තයක්.
මෙම සැමරුම් උළෙල සඳහා ශ්‍රී දළදා මාලිගාව පිළිබඳ හා මහනුවර පිළිබඳ වන පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂ මාර්ගෝපදේශන, සංස්කෘතිකාංග, උඩරට සංස්කෘතිය හා ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක ප්‍රජාව දැනුවත් වන ආකාරයේ වැඩසටහන් හා විවිධ ක්‍රියාකාරකම් රැසකින් මෙම වැඩසටහන එක්කර තිබුණා.
මෙම ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන සඳහා ශ්‍රී දළදා මාලිගාව හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ලොව විවිධ රටවල් නියෝජනය කරමින් විදේශිකයින් රැසක් සහභාගි කරවන ලද අතර වැඩසටහනේ ආරාධිත දේශනය ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක ශෂී ධනතුංග මහතා හා ශාන්ත සුවය භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ මයිකල් ෆ්රොන්සාක් මහතා විසින් සිදුකළා.