මහකන්නයට අවශ්‍ය මොහොතේ පොහොර සහනාධාරය නොලැබුණොත් අපේක්ෂා කරන පරිදී රටට අවශ්‍ය සහල් තොග ලබා ගැනීම දුෂ්කරවන බව ගොවි ජනතාව පවසනවා.
ඒ අනුව මහ කන්නය හෙටින් ආරම්භ වන අතර පොහොර සහනාධාරය ඒ වන විට නොලැබුණහොත් අපේක්ෂිත අස්වැන්න නොලැබෙන බවයි ගොවීන් පවසන්නේ.
මහකන්නයේදී කිසිදු බාධාවකින් තොරව වී ගොවිතැන් කටයුතු කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කර තිබෙන බව ඔවුන් සඳහන් කළා.
එමෙන්ම නොවැම්බර් මාසයේ මැතිවරණය අවසන්වන තෙක් තමන්ට සහනාධාරය නොලැබුණොත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ඔවුන් සඳහන් කරනවා.