බීමතින් රිය පැදවීමේ චෝදනා මත බීටීඑස් සුපිරි තරුව සුගා ට ඇමරිකා ඩොලර් 11,500 ක දඩයක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
31 හැවිරිදි සුගා මේ වන විට දකුණු කොරියා හමුදාවේ සමාජ සේවා නියෝජිතයෙකු ලෙසයි සේවය කරන්නේ.
මාධ්‍ය වාර්තාවලට අනුව බීටීඑස් සුපිරි තරුව බීමතින් විදුලි ස්කූටරයක් පැදවීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර ඇති බවයි එරට ආරක්ෂක අංශ නිවේදනය කළේ.
ඔහුගේ රියදුරු බලපත්රයද අවලංගු කර ඇති අතර මෙම සිදුවීමත් සමග බොහෝ දෙනෙකු බීටීඑස් හැර යන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කළා.