ඊශ්රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්රී ලාංකික තරුණයෙකු සියදිවි හානිකරගෙන ඇති බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්රකාශ කළා
පෞද්ගලික හේතුවක් මතමෙලෙස ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ 35 හැවිරිදි මහනුවර ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.
නිමල් බණ්ඩාර මහතා පැවසුවේ අදාළ තරුණයා මීට මාස 6ක පෙර ඊශ්රායලයට පැමිණ ඇති අතර ඔහු කෘෂි ක්ෂේත්රයට අනුයුක්තව සේවයේ නිරතව සිට ඇති බවයි.
මියගිය තරුණයාගේ දේහය මෙරටට එවීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා