නවසීලන්තය ලොව විශාලතම හකා නර්තනය ඉදිරිපත් කිරීම සිදු කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ ප්‍රංශය වූ අතර එම වාර්තාව බිඳ දැමීම සඳහා 6,531 දෙනෙක් එක්ව සිටි බවයි එරට මාධ්‍ය පවසන්නේ.
ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් රග්බි ක්‍රීඩාංගනයේදී මඕරි නැටුම් ඉදිරිපත් කරමින් මෙම වාර්තාව බිඳ හෙලීමටයි කටයුතු කළ තිබුණේ.
මෙම අවස්ථාවට පිරිමි කාන්තා හා වයස් භේදයකින් තොරව එක්ව සිටියා.
පාද මුද්‍රා තැබීම හා රිද්මයානුකූලව කෑගැසීම් ඇතුළත් හකා සාම්ප්‍රදායික නර්තනය සිදුකිරීමට ඔවුන් කටයුතු කළා.
මීට පෙර 2014 වසරේ සැප්තැම්බර් මාසයේ දී ප්‍රංශය තබා තිබූ වාර්තාවට පුද්ගලයින් 4,028 දෙනෙක් එක්ව සිටි බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.