ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයට බලපෑ හෙලේන් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
හෙලේන් සුළි කුණාටුව ෆ්ලොරිඩා හා ජෝර්ජියා ප්‍රාන්ත හරහා හමා යමින් මීට පෙරද දැඩි බලපෑම් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ හේතුවෙන් රටපුරා පුද්ගලයින් 105 දෙනෙක් මිය ගොස් ඇති බව ඇමරිකා සීබීඑස් රූපවාහිනිය වාර්තා කරනවා.
මේ වනවිට එම ප්‍රාන්තවල විදුලිය ඇනහිටීම්, ගස් කඩාවැටීම් සහ මාර්ග වසා දැමීම් සිය ගණනක් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.
තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 140 කට වැඩි සංඛ්‍යාවක 2,000 කට වැඩි පිරිසක් රඳවා ඇති බවයි එරට ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ.