2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමට හෙට(01) ආරම්භ වනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ, හෙට(01) සිට ලබන 8 වැනිදා දක්වා එම කටයුතු සිදුකෙරෙන බවයි.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණය ප්රකාශයට පත් කර 7 වැනි දින සිට 14 වැනි දින දක්වා කටයුතු කළ යුතු වනවා.
ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලුම අයදුම්කරුවන් ලබන අටවන දාට පෙර අදාළ දිස්ත්රික්කයේ දිස්ත්රික් තේරීම් බාර නිලධාරී වෙත ලැබී තිබිය යුතු බවත් සියලූම ආයතන ප්රධානීන් සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත දන්වා සිටින බවත් රත්නායක මහතා තවදුරටත් ප්රකාශ කළා