මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි ජනතාව මහ කන්නය සදහා බඩඉරිගු සහ වී වගාව සදහා බිම් සකස් කළ ද වගාව සදහා අවශ්‍ය බීජ නොමැතිවීමේ අවදානමක් පවතින බව ගොවි ජනතාව පවසනවා.
2024 මහ කන්නය සදහා මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිජනතාව මේ වනවිටත් බිම් සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.
ගොවි ජනතාව පවසන්නේ වගාවට අවශ්‍ය බීජ තවමත් වෙළඳසැල් වෙත ලැබී නැති බවයි.
බඩඉරිඟු වගාව සදහා අවශ්‍ය බීජ පැකැට්ටුවක මිල රුපියල් 18,000ක් වැනි මුදලක පවතින බවත් එවැනි මුදලක් ලබාදී බීජ ලබාගැනීමේ හැකියාවක් නොමැති බවටත් ගොවි ජනතාව පවසනවා.