ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙනවා.
ඒ සදහා සහභාගී වන අයිඑම්එෆ් නියෝජිතයන් හෙට දිවයිනට පැමිණෙන බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මෙසේ පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රගතිය එහිදී සළකා බැලෙනු ඇති.
නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිත මීළග වාරිකය පිළිබද තීරණය එහිදී ගනු ඇති බවයි සදහන් වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නැවතත් ඉක්මනින් ආරම්භ කිරීමට තමා කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළා.