හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේදීයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
මේ වන විට ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන පිළිබඳ එහිදී සමාලෝචනයක් කිරිමට ද නියමිතව ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව එහිදී ප්‍රභූ ආරක්ෂාවට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ද තීරණය කිරීමට නියමිතයි.