ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ නිතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පෙළඹවීමේ දීමනාව සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ නිරත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම දීමනාව අඛණ්ඩව ලබාදෙන බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ.
හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පසුගිය 22 වනදායින් පසු ප්‍රභූ ආරක්ෂක රාජකාරී වලින් ඉවත් කෙරුණා.
ඒ හේතුවෙන් ඔවුන්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව පසුගිය 22 වනදා දක්වා පමණක් ලබාදෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත දැනුම් දී තිබුණේ.
එහෙත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරි සදහා යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම දීමනාව ගෙවීම නතර කර නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.