ඊශ්රායල ප්රහාරවලින් ලෙබනනයේ ලක්ෂ 10කට ආසන්න ජනතාවක් අවතැන්ව සිටිනවා.
ඊශ්රායලය අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්රහාර හේතුවෙන් දැනටමත් ලෙබනනයේ ලක්ෂ 10ක පමණ ජනතාව සිය නිවෙස්වලින් ඉවත්ව ගොස් තිබෙනවා.
බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා පළා යන ආකාරය දක්නට ලැබුණා.
ඊයේ දිනයේදී ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් ද පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ඊශ්රායලය බේරූට්හිදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කර දින දෙකක් ගත වනවා.
කෙසේ වෙතත් තමන් වෙත එල්ල වන ප්රහාර වලට ප්රතිචාර ලෙස හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්රායලයට තවත් රොකට් ප්රහාර එල්ල කළා.
මේ අතර ඊශ්රායලය කියා සිටියේ යේමනයේ සටන් වදින ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන්ට ද තමන් ගුවන් ප්රහාර එල්ල කළ බවයි.