සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසී ගේ මාමා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද්දු මුදිත පරාක්‍රම ජයසිංහ නැමැති අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විදෙස් රටක සැඟව සිටින බවට ඒත්තු ගන්වමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 06 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ද මාමා වනවා.
වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.