රුපියල් පනස් පන්ලක්ෂයකට වැඩි වෙළඳපොල වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ කාන්තාවක අත්අඩංගුවට ගත්තා.
ගුවන් තොටුපලෙන් මෙම කාන්තාව පිටතට පැමිණෙන අවස්ථාවේ කළ පරීක්ෂාවක දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් දුම්වැටි සොයාගෙන තිබෙනවා.
මෙම සැකකාරිය විදෙස් රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවටයි හෙළිවී තිබෙන්නේ.
ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 36,800ක් අඩංගු කාටන් 184ක් ඇය ළඟ තිබී සොයාගත්තා.
සැකකාරිය පොලිස් ඇප මත මුදාහැර ඇති අතර මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.