පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, අද (30) අලුයම අදාළ සිදුවීම පානදුර උතුර පොලිස් වසම අසලදී සිදුව ඇති බවයි.
එම ලොරියේ හරක් සිව් දෙනෙකු පමණ පටවා ගෙන සිටි ඇති බවයි පොලිසිය කියා සිටියා.
මෙම හරක් කිසිදු අවසරයකින් තොරව රැගෙන යාමේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බව ද පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් ලොරියේ ගමන් ගත් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.