නේපාල ගංවතුර හා නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාපතනයත් සමග නේපාලයේ ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් එරට ජලවිදුලි බලාගාර හා වැව් රැසකට දැඩි ලෙස හානි සිදු ව තිබෙනවා.
මේ වනවිට ඇස්තමේන්තුගත කර ඇති පරිදි සිදුවූ හානිය ඇමරිකා ඩොලර් මිලියන 32.6කට ආසන්නයි.
ගංවතුර හේතුවෙන් මෙගාවොට් 625.96 ක ඒකාබද්ධ ජනන ධාරිතාවක් සහිත ජලවිදුලි බලාගාර 11 කට හානි සිදුවී ඇති අතර අනෙකුත් බලාගාර වසා දැමීමට සිදුවුණා.
මේ හේතුවෙන් රටෙන් තුනෙන් දෙකකටම විදුලිය ඇණ හිට තිබෙනවා.
මෙම තත්ත්වය මත එළඹෙන ශීත ඍතුවේ දී රටට ප්‍රමාණවත් බලශක්තියක් උත්පාදනය කිරීමට නොහැකි වීම අභියෝගාත්මක විය හැකි බව වාර්තා වනවා.
මන්ද හානියට පත් බලාගාර අලුත්වැඩියා කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති.