කූඨ ලේඛන සකස් කර මෝටර් රථ සහ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ ප්රදේශයේදී.
ඔහුගෙන් සිදුකළ විමර්ෂණවලදී කූඨ ලේඛන සකස් කර රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක් වටිනා කාර් රථයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණා.
ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගැනුනේ කිරිබත්ගොඩ ප්රදේශයේ දී.
මොවුන් සම්බන්ධයෙන් වැලිසර හා අලුත්කඩේ යන අධිකරණ මඟින් විවෘත වරෙන්තු නිකුත් වී ඇති බව ද සිදුකළ විමර්ෂණවලදී අනාවරණව වී තිබෙනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන්නේ කිරිබත්ගොඩ පොලිසියයි.